කලා පොළ 2020

ලියාපදිංචිය සඳහා අයදුම් පත්රය




    චිත්ර

    තෙල් සායම්
    ඇක්රිලික්
    දිය සායම්
    ඩිජිටල්
    වෙනත් (විස්තර කරන්න)*


    ඔව්නැත




    කලා පොළ සඳහා පැමිණෙන කලා කරුවන්ට, ආරාධිතයින්ට හා නරඹන්නන්ට කැටලෝගය (නාමාවලිය) ලබා දෙනු ලැබේ. එම නිසා, ඡායාරූපය පහත සඳහන් ප්‍රමාණයන්ට අනුකූලව උඩුගත (Upload) කරන්න. 8”x 4” ප්රමාණයෙන් සහ පික්සල් 250ක් විශාලත්වයකින් යුතු ඡායාරූපයක්
    (8 x 4 inches with more than 250 pixel resolution)



    මූර්ති

    ගලින් කරන ලද
    ලෝහමය
    සෙරමික්
    දැව
    වෙනත් (විස්තර කරන්න)*

     

    කලා පොළ 2020 සහභාගීවන්නන් සඳහා අදාළ කොන්දේසි

    1. ප‍්‍රදර්ශනය : කලාපොළ 2020 පෙබරවාරි 23 වැනි ඉරිදා පෙරවරු 8.00 සිට පස්වරු 8.00 දක්වා ආනන්ද කුමාරස්වාමි මාවතේ පැවැත්වීමට කටයුතු යොදා ඇත.

    2. යෝග්නිර්මාණ: කලා පොළ, චිත‍්‍ර සහ මූර්ති ප‍්‍රදර්ශණය සඳහා වූ එළිමහන් කලා සල්පිලකි. එබැවින් අත්කම්, බතික්, අභිනන්දන පත‍්‍ර, ශරීර සිතුවම් ඇඳීම, පච්ච් කෙටීමේ කලාව, සහ මහා පරිමාණ නිර්මාණ නොවන  ඕනෑම චිත‍්‍ර, පින්තාරු, මූර්ති සහ කැටයම් යනාදී මාධ්‍යයක දෘෂ්‍ය කලා නිර්මාණ ප‍්‍රදර්ශණය සහ විකිණීම සඳහා ඉදිරිපත් කළ හැක. එක් පුද්ගලයෙකුට ඉදිරිපත් කළ හැකි සංඛ්‍යාවේ සීමාවක් නොමැත. නමුත් වෙන්කර ඇති වෙළඳ කුටිය තුළ ප‍්‍රදර්ශය කිරීමට හැකියාව ඇති නිර්මාණ සංඛ්‍යාව පමණක් ප‍්‍රදර්ශණය කළ හැකිය.

    3. යෝග්‍ය අයදුම්කරුවන්: කලාකුටි සඳහා අයදුම් කළ හැක්කේ වෘත්තීය කලා ශිල්පීන්ට පමණකි. තෙවන පාර්ශවයන් (උදා. කලා නිර්මාණ වෙළඳාමේ යෙදෙන්නන්ගේ නියෝජිතයන්ට* සහභාගී විය නොහැක).

    4. ලියාපදිංචිය - ලියාපදිංචිය අන්තර්ජාලය හරහා පමණක් වන අතර එය ලියාපදිංචි වන අනුපිළිවෙල අනුව වේ. අයදුම්පත www.kalapola.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැකිය. කුටි වෙන් කරවා ගැනීමේ යෝග්‍යතාවය මත, ලියාපදිංචි වීම අවසන් වන දිනය 2020 පෙබරවාරි 07 වෙනිදා වේ.ලියාපදිංචි ගාස්තුව වන රු. 1,500.00 ක මුදලද (රුපියල් එක්දහස් පන්සියය) අන්තර්ජාලය හරහා සිදු කල යුතුය. (මෙම මුදල සම්පූර්ණයෙන්ම ජෝර්ජ් කීට් පදනමේ ගිණුමට බැර වන අතර පදනම විසින් කලාවේ අභිවෘද්දිය සඳහා කෙරෙන සියලුම කාර්යයන් වලට එම මුදල් යොදවනු ලැබේ). ලියාපදිංචිය තහවුරු කිරීමෙන් පසුව වුවද, අදාළ කොන්දේසි වලට ඇතුළත් නොවේ නම්, ඕනෑම අයදුම්පතක් ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය ජෝර්ජ් කීට් පදනමට ඇත.

    5. කුටිවෙන්කිරීම - සුදුසුකම්ලත් අයදුම්කරුවන්, ලියාපදිංචි වන අනුපිළිවෙල අනුව කලා කුටි වලට වෙන් කරනු ලැබේ. අන්තර්ජාලයෙන් ලියාපදිංචි වීමෙන් තොර හෝ කලා පොළ පැවැත්වෙන දිනයේදී කිසිදු ලියාපදිංචි කිරීමක් සිදු නොකෙරේ. සුදුසුකම් ලත් අයදුම්කරුවන්ට ලියාපදිංචිය සනාථ කරන ඊමේල් පණිවිඩයක් (අයදුම් පත්‍රයේ දක්වා ඇති ලිපිනයට) ලැබෙනු ඇති අතර එමඟින් ලියාපදිංචි අංකය සහ කුටි අංකයද එවනු ලබයි. සෑම ලියාපදිංචි කලාකරුවෙකුටම එක් ප්‍රදර්ශන කුටියක් ඇති අතර සෑම ප්‍රදර්ශන කුටියක්ම ගත හැක්කේ එක් සහභාගිවන්නෙකුට පමණි. කිසියම් ලියාපදිංචි කලාකරුවෙකු වෙනත් කලාකරුවෙකු සමඟ ප්‍රදර්ශන කුටිය බෙදා ගැනීමට කැමති නම්, ඔහු / ඇය ලියාපදිංචි පත්‍රිකාව හරහා  සංවිධායකයින්ට පූර්ව දැනුම් දීමක් කළ යුතුය.

    6. කලානාමාවලිය: සහභාගී වීමට අපේක්ෂා කරන සෑම කලාකරුවෙකුම 8”x 4” ප‍්‍රමාණයෙන් සහ පික්සල් 250ක් විශාලත්වයකින් යුතු තෝරාගත් චිත‍්‍ර මූර්ති හෝ නිර්මාණයක ඡුායාරූපයක් අයදුම්පත සමඟ උඩුගත (upload) කර යුතුය.එක් කලාකරුවෙකුගෙන්  ඇතුළත් කරනු ලබන්නේ එක් නිර්මාණයක් පමණි. මෙම තොරතුරු පැමිණෙන ආරාධිතයන්, කලාකරුවන්, අමුත්තන් සහ නරඹන්නන් සඳහා ලබා දෙන කලා-නාමවලියට ඇතුළත් කෙරෙනු ඇත.

    7. කලානිර්මාණසහපෞද්ගලිකඋපකරණආරක්ෂාව: කලා පොළට තමන්ගේ නිර්මාණ සහ අදාල උපකරණ රැුගෙන ඒම, නිර්මාණ සහ ඒ උපකරණ වල ආරක්ෂාව, එමෙන්ම කලා පොළ අවසන් වූ පසු එම භාණ්ඩ ඉවත් කර ගැනීම දක්වා සියලූම දේ සම්බන්ධ සම්පූර්ණ වගකීම කලාකරුවා විසින් දරනු ඇත. ජෝන් කීල්ස් පදනම හෝ ජෝර්ජ් කීට් පදනම එම වගකීම භාර නොගන්නා බව කරුණාවෙන් සලකන්න.

    8. පහසුකම්: කලාපොළ සංවිධායකයින් විසින් කලා කුටි සහ විදුලි ආලෝකය පමණක් ලබා දෙන අතර ප‍්‍රදර්ශනය සඳහා ඔබට අවශ්‍ය අමතර උපකරන, භාණ්ඩ, ආහාරපාන සහ අනෙක් සියලූම අවශ්‍යතාවයන් සළසා ගැනීම කලාකරුවන්ගේ වගකීමක් වේ. සාධාරණ දුර ප‍්‍රමාණයකින් වැසිකිළි පහසුකම් ද කලාකරුවන්ට සළසා ඇත. මෙම පහසුකම් පරිහරණය කරන විට අන් අයගේ පහසුව ගැනද සැළකිල්ලට ගෙන කටයුතු කරන්න.

    9. අමතරගෘහභාණ්ඩ: ඔබට මේස පුටු වැනි අනෙකුත් පහසුකම් අවශ්‍යනම් එය සනි තනිවම සපුරාගත යුතුය. ඔබට අවශ්‍ය වේ නම් Cane Furnishing House ආයතනයට 011-2304583 ඔස්සේ කතා කර සංවිධානය කර ගත හැක. කුලියට ගත් මේස/ පුටු  සම්බන්ධයෙන්, සහභාගිවන්නන් නියමිත ගෙවීම් කළ යුතු අතර නියමිත වේලාවට හා හොඳ තත්ත්වයෙන් එම භාණ්ඩ ආපසු ලබා දිය යුතුය. අමතර මේස/ පුටු  සැකසීම, ඔවුන්ගේ කුලී හෝ ආරක්ෂාව සම්බන්ධයෙන් ජෝර්ජ් කීට් පදනම හෝ ජෝන් කීල්ස් සමූහය වගකිව යුතු නොවේ.

    10. අදහස් සහ යෝජනා : කලා පොළ අවසානයේ වෙළඳ කුටියෙන් ඉවත් වීමට පෙර සහභාගී වූ සෑම කලාකරුවෙකුම ප‍්‍රතිචාර පත‍්‍රිකාව සම්පූර්ණ කළ යුතු අතර ඒ සඳහා ඔබ කුටියට පැමිණෙන ජෝන් කීල්ස් ස්වේච්ඡා සේවකයින් හට ඔබගේ සහයෝගය ලබා දෙන මෙන් කාරුණිකව ඉල්ලා සිටිමු.

    11. කොන්දේසි: කලා පොළ තුල පහත සඳහන් ක්‍රියා වලින් වැළකී සිටිය යුතුය:

    12. ගස්, තණබිම්, වැටවල්, පහන් කණු, පදික වේදිකා යනාදිය ඇතුළු සියලූම පොදු දේපලවලට අලාභ හානි කිරීම.

    13. ජාතික කලාභවනේ වැට භාවිතා කිරීම.

    14. වෙළඳ කුටි හා සම්බන්ධ උපකරණ, කලා පොළ සහ ජෝන් කීල්ස් සමූහයේ දැන්වීම් බැනරයන්ට අලාභ හානි කිරීම.

    15. භූමිය තුළ කැලි කසළ දැමීම.

    16. මහජනයාට සහ සහභාගී වන අන් අයට හිරිහැර කිරීම හෝ අවිනීත ලෙස හැසිරීම.

    17. මහජනයාට සහ සහභාගී වන අන් අයට හිරිහැර කිරීම හෝ අවිනීත ලෙස හැසිරීම.

    18. කලාකුටිනැවතභාරදීම : සියලූම කලාකරුවන් 2020 පෙබරවාරි 23 වැනිදිනපස්වරු 09.00 වනවිට ප‍්‍රදර්ශන භාණ්ඩ ඉවත් කර ගත යුතු අතර, තමන්ගේ වෙළඳ කුටි, විදුලි බල්බ සහ එහි ප‍්‍රදර්ශනය වන කලා පොළ සහ ජෝන් කීල්ස් සමූහයේ දැන්වීම් බැනරයන් සුරක්ෂිතව නැවත බාර දිය යුතුය.